පදවිය ආරියාදාසගම ප්‍රදේශයේදී බලපතු නොමැතිව වෑන් රථයකින් පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සැකකරුවන් 5ක් එම පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඊයේ අලුයම් කාලයේදී යුද හමුදාව හා පොලීසිය කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ඇමෝනියා නයිට්රේට් කිලෝ 53, සේවා නූල් අඩි 2192, ජෙලට්නයිට් කූරු 178, ඩෙටනේටර් 320, කඹ 01, යකඩ ඉනි 01, ගල් විදීමට යොදා ගන්නා උපකරණ 01, වෑන් රථයක් මෙසේ අත්ඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අවුරුදු 29ත් 46ත් අතර පසුවන මැදවච්චිය, කරිකියාව පදිංචිකරුවන් වෙයි. සැකකරුවන් කැබිතිගොල්ලෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය කියයි.